අවන්හල්වල ගැහැනු පිරිමි පෝළිම් නෑ



සෞදි අවන්හල්වල පිරිමින් සඳහාත් ගැහැනුන් සඳහාත් වෙන් වෙන්ව පැවැති පෝළිම් සහ ඇතුළුවීමේ ක්‍රමය ඉවත් කිරීමට සෞදි රජය පියවර ගෙන ඇතැයි වාර්තා වේ.

මේ වනතුරු සෞදි අවන්හල්වල ගැහැනුන් සහ ඔවුන් සමඟ පැමිණෙන දරු දැරියන් වෙනුවෙන් ද පිරිමින් සඳහා වෙනම තනි පෝළිමක් සහ දොරටුවක් විය.

සෞදි රජය එරට සමාජයේ කාන්තාවන්ට වැඩි තැනක් ලබා දීමේ අරමුණ ඇතිව නව ප්‍රතිසංස්කරණ හඳුන්වා දී ක්‍රියාවට නංවා තිබේ. අවන්හල්වල වෙන් වෙන්ව පැවැති පොළිම් සහ ඇතුළුවීමේ ක්‍රමය වෙනස් කිරීම ඒ අනුව සිදුවී ඇතැයි පැවැසෙයි.

පසුගිය 2018 දී, සෞදි කාන්තාවන්ට රිය පැදවීමට අවසර හිමිවිය. එපමණක් නොව, මේ වනවිට කාන්තාවන්ට පිරිමි භාරකරුවකු නොමැතිව විදෙස් ගමන් බිමන්වල නියැලීමට ද අවසර හිමිවී ඇත.

කාන්තා අයිතීන් සුරැකීමට තමන් කැපවී සිටින බව සෞදියේ ඔටුන්න හිමි සල්මාන් කුමරුන් පවසා ඇති අතර, සෞදියේ නව ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවෙන්නේ ඔහුගේ උපදෙස් මත යැයි ද පැවැසෙයි. සෞදිය ලොවට විවෘත කරමින් ආයෝජන අවස්ථා වැඩි කර ගැනීමට ද සෞදියේ සල්මාන් කුමරු අපේක්ෂා කරයි.

රියාද්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS