අවදානම අඩු රටවලට යන්න පුළුවන්



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය කොරෝනා අවධානම අඩු රටවලට සංචාරය කිරීම සඳහා අවසර ලබාදී ඇති බව වාර්තා වේ.

ඒ අනුව, එමිරේට්ස් ජාතිකයන්ට සහ එමිරේට්යේ ජීවත් වන විදේශිකයන්ට කොරෝනා අවදානම අඩු රටවල සංචාරය කිරීමට අවසර හිමි වෙයි.

විදේශ රටවල සංචාරය කර ආපසු පැමිණීමෙන් පසු දින 14ක කාලයක් නිරෝධායනය විය යුතු බව ජාතික හදිසි ආපදා කළමනාකරණ අධිකාරියේ මාධ්‍ය ප්‍රකාශක,  සයිෆ් අල්-ධහිරි පැවසීය.

සංචාරය කිරීම සඳහා අවසර ලබාදී ඇති රටවල් පිළිබඳව සඳහන් කර නොමැත. 

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ඩුබායි නුවර)

RECOMMEND POSTS