අලුත් පෝරමයක්



විදේශ ශ්‍රමිකයන් සේවයේ යොදවා ගන්නා සේවායෝජකයන්ට භාවිතා කිරීම සඳහා ඉලෙක්ට්‍රෝනික් පෝරමයක් හඳුන්වාදීමට සෞදි විදේශ ගමන්බලපත්‍ර අධිකාරිය කටයුතු කර ඇත.

“Expat Print’’ නමින් පෝරමය හඳුන්වා දී ඇති අතර සේවායෝජකයා ලඟ සේවය කරන සියලුම විදේශ ශ්‍රමිකයන්ගේ මුලික පෞද්ගලික තොරතුරු,විදේශ ගමන් බලපත්‍ර, විසා, යැපෙන්නන්, මෝටර් රථ සහ අනිකුත් අත්‍යාවශ්‍ය තොරතුරු පොරමයට අඩංගු කළ යුතු වේ.

විදේශ ශ්‍රමිකයන් පිළිබඳ තොරතුරු විමසීමේදී අදාල පෝරමය අනිවාර්යෙන් භාවිතා කළ යුතු බව අධිකාරියසේවායෝජකයන්ට දන්වා ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS