අලුත් අවුරුද්ද ඉරාකයට අපලයි !





බී.බී.සී ඇසුරෙනි...

බැග්ඩෑඩ් අගනුවර ජනාකීර්ණ චතුරශ්‍රයකදී සිදු වූ කාර් බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයන් තිස්පස් දෙනකු ඝාතනයට ලක්ව තවත් හැට එකකට අධික පිරිසකට තුවාල සිදු වූ බව ඉරාකයෙන් වාර්තාවෙයි.

එරට සුළු ජන කොටස් ලෙස සැලකෙන ෂියා ජාතිකයින් වැඩිපුර ගැවසෙන ඉලක්ක කර ගනිම්න් අයි.එස්.ජිහාද් ත්‍රස්තවාදීන් විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇතැයි එරට ආරක්ෂක අංශ සැක පළ කර සිටිති.

මෙම කාර් බෝම්බය පුපුරුවා හැර විනාඩි කිහිපයක් මත්තෙන් ඊට නුදුරින් පිහිටි වෙළඳපොළක් ආසන්නයේදී තවත් කාර් බෝම්බයක් පුපුරුවා හැරීමෙන් තවත් තිදෙනෙකු ඝාතනයට ලක්වී ඇත.

ප්‍රංශ ජනාධිපති ප්‍රන්ශුවා ඔලෝන්ද්, එරට බැග්ඩෑඩ් අගනුවරට නුදුරින් පිහිටි ප්‍රංශ හමුදා කඳවුරකට සංචාරයක යෙදී සිටි අවස්ථාවේ ප්‍රහාරය එල්ල කොට තිබේ. 

ඉරාකයේ ඉස්ලාම් රාජ්‍ය (IS) ප්‍රහාරකයන්ට එරෙහිව සටන් කිරීම සියරට තුළ ත්‍රස්තප්‍රහාර එල්ලකිරීම් වැළැක්වීමට ඉවහල් වනබව ප්‍රංශ ජනාධිපති ප්‍රන්ශුවා ඔලෝන්ද් ඉරාකයේ රඳවා සිටින ප්‍රංශ හමුදාභටයන් අමතා කියාසිටියේය.

 

තිළිණි ද සිල්වා 

 


RECOMMEND POSTS