අලුත්ම නෝට්ටු නිකුත් කරන්න: මහ බැංකුව



එමිරේට්ස් රාජ්‍යයේ සියළුම ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රවලට අලුත්ම මුදල් නෝට්ටු නිකුත් කරන ලෙස එමිරේට්ස් මහබැංකුව නියෝග කර ඇත.

කොරෝනා වෛරසයෙන් ජනතාව ආරක්ෂා කිරීම සඳහා රටපුරා සිදුකරන ක්‍රියාවලියේ කොටසක් ලෙස අදාල නියෝගය නිකුත් කර ඇත.

ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර විෂබීජහරණය කරන ලෙසත්, මුදල් ආපසු ගන්නා ගනුදෙනුකරුවන්ගේ භාවිතය සඳහා රබර් අත්වැසුම් ලබා දෙන ලෙස එමිරේට්ස් මහ බැංකුව උපදෙස් ලබාදී ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ඩුබායි නුවර)

RECOMMEND POSTS