අරාබි ලෝකයේ ‍පළමු න්‍යෂ්ටික බලාගාරය



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ බරකාහ් න්‍යෂ්ටික බලශක්ති බලාගාරය බලගැන්වීම අද (1)  සිදුවිය. අරාබි ලෝකයේ පළමු න්‍යෂ්ටික බලාගාරය ලෙස මෙය සැලකෙයි.

බලාගාරයේ කටයුතු පැවැරී ඇත්තේ නවාහ් බලශක්ති සමාගමටය. එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය ඔවුන්ගේ න්‍යෂ්ටික කටයුතු ආරම්භ කර ඇත්තේ සාමකාමී අරමුණකින්, බලශක්තිය සඳහාය.  එ් බටහිර රටවල ආශිර්වාදය ඇතිවය.

මෙම බලාගාරය හරහා ඉදිරි අවුරුදු 60 එමිරේට්ස් රාජ්‍යයට විදුලි බලය සම්බන්ධයෙන් කිසිදු අඩුවක් සිදු නොවනු ඇති බව නවාහ් බලශක්ති සමාගම පැහැදිලි කර තිබේ.

ඇරෑබ් නිවුස් ඇසුරිනි


RECOMMEND POSTS