අරාබි නේටෝ ලබන වසරේ



ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ අදහසකට අනුව, මැදපෙරදිග රටවල් එක්වී ලබන වසරේදී, ‘අරාබි නේටෝ’ සංවිධානය පිහිටුවන බව බහරේනය කියයි.

‘නේටෝ’ යනු උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයයි. ඒ හා සමානව, ගල්ෆ් රටවල් 6 ක් සහ ඊජිප්තුව සන්ධානගත වී, පිහිටුවීමට සූදානම් වන ආරක්ෂක මණ්ඩලය ‘අරාබි නේටෝ’ සංවිධානය ලෙස හැඳින්වෙයි.

මෙමගින්  මැදපෙරදිග කලාපයේ ආරක්ෂාව තවත් තහවුරු වනු ඇති බවත්, මැදපෙරදිග කලාපීය සාමයට මෙම නව සංවිධානය ඉවහල් වනු ඇති බවත් බහරේන රජය වෙනුවෙන් එරට විදේශ ඇමැති කලීඞ් බින් අහ්මද් අල් කලීෆා කියයි.

(අල් ජසීරා)

 


RECOMMEND POSTS