අයි.එස්. ත්රස්තවාදීන්ගේ තර්ජන තවමත්
අයි.එස්. ත්රස්තවාදීන්ට එරෙහි සටන අවසන් බව ඉරාක රජය පසුගිය දෙසැම්බරයේ නිල වශයෙන් දැනුම් දුන්න ද ඉරාක බුද්ධි අංශ පවසා ඇත්තේ ත්රස්තවාදීන් මුලිනුපුටා දැමීම තවමත් සිදුවී නැති බවය.
මේ අතර ඉරාකයේ පිටිසර පළාත් කිහිපයක කුඩා ගම්මාන සහ නගර තවමත් ඇත්තේ අයි.එස්. ත්රස්තවාදීන්ගේ ග්‍රහණයේ බවත්, ඒවා ද මුදා ගැනීමට කටයුතු කරන බවත් ඉරාක හමුදා ප්‍රධානී අලි අල් බයාතී පවසා ඇත.
කෙසේ නමුත් බැග්ඩෑඞ් අගනුවරට නුදුරින් සහ මොසූල් නුවර සහ ඒ අවට පළත් ත්රස්තවාදීන්ගෙන් මුදා ගෙන ඇති බවත්, එම නගර සහ පළාත්වලට විශේෂ ආරක්ෂාවක් ලබා දී ඇති බවත් ඉරාක රජය පවසා තිබේ.
(ප්‍රෙස් ටීවී)