අමාත්‍යාංශ සේවකයන් 8ක් හිරේට



කුවේට් සෞඛ්‍ය අමාත්‍යාශයේ සේවකයන් අටදෙනෙක්ට සිරදඩුවම් ලබා දී ඇති බව වාර්තා වේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් ඇඟිලි සළකුණු යන්ත්‍රය ඉවත් කර ව්‍යාජ ඇඟිලි සළකුණු යන්ත්‍රයක් සවිකිරීම හේතුවෙන් වසර 01 සිට 02 දක්වා සිරදඩුවම් සහ කුවේට් ඩිනාර් 1,000 බැගින් දඩ මුදල් ගෙවන ලෙස කුවේට් අපරාධ අධිකරණය නියෝග කර ඇත.

අමාත්‍යාංශ සේවකයන්ට එරෙහිව කූට ලේඛන සකස් කිරීම, මහජන මුදල් වංචා කිරීම සහ රාජකාරි ඉටු නොකර වැටුප් ලබාගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය නඩු පැවරීමේ අධිකාරිය චෝදනා එල්ල කර ඇත.

 

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)


RECOMMEND POSTS