අමාත්‍යාංශ සේවකයන් 38 නඩු



කුවේට් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවකයන් පිරිසක් ඇඟිලි සලකුණු යන්ත්‍රයකට හානි සිදුකිරීම හේතුවෙන් නඩු පැවරීමට යන බව වාර්තා වේ. 

සේවකයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කිරිමට කටයුතු කර ඇත.

කුවේට් සෞඛ්‍ය අමාත්‍යාංශය සේවකයින් 38 දෙනෙකුගේ ලැයිස්තුවක් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයට යොමු කර ඇති අතර අමාත්‍යාංශය අදාල ලයිස්තුව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට යොමු කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS