අබ්දුල්ලාසී කුමරුට බලශක්ති ඇමති ධුරය



සෞදියේ සල්මාන් රජු එරට බලශක්ති අමාත්‍ය ධුරය ඔහුගේ පුතකු වන අබ්දුල්ලාසී බින් සල්මාන් කුමරුන්ට ලබා දී ඇති බව සෞදි පුවත් සේවා වාර්තා කරයි.

සෞදි රජයේ ඉතා වැදගත් කැපී පෙනෙන අමත්‍යාංශයක් ලෙස බලශක්ති අමත්‍යාංශය සැලකෙයි. අබ්දුල්ලාසී බින් සල්මාන් යනු සෞදියේ ඔටුන්න හිමි මොහොමද් බින් සල්මාන් කුමරුන්ගේ වැඩිමල් අඩ සොයුරාය.

රාජකීය ආඥාවක් (නියෝගයක්) හරහා අමත්‍යාංශය අබ්දුල්ලාසී බින් සල්මාන් කුමරුන්ට පිරිනැමීමට සල්මාන් පිය රජු කටයුතු කළ බව සෞදි මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.

රියාද්හිදීය (අල් ජසීරා)


RECOMMEND POSTS