අප්‍රිකාවෙන් ගෘහ සේවිකාවන් ගෙන්වීම තහනම්



අප්‍රිකානු රටවල් පහකින් ගෘහසේවිකාවන් ගෙන්වීම කුවෙට් රජය වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කොට ඇතැයි ගල්ෆ් ඬේලි නිවුස් වෙබ් අඩවිය කියයි. 

බටහිර අප්‍රිකානු රටවල් වන ජිබුටි, බුර්කානා ෆාසෝ, ගිනියා සහ ගිනියා බිසොව් යන රටවල් වලින් ගෘහ සේවිකාවන් ගෙන්වීම කුවේටය තහනම් කර ඇත.

කෙන්යාව උගන්ඩාව, නයිජීයාව, ටොගෝ, සෙනගල්, මලාවි, චැඞ්, සියරාලියොන්, නයිගර්, ටැන්සානියා, ගැමිබියා, ඝානා, සිම්බාබ්වේ, මැඩගස්කර්, කොන්ගෝ, බුරුන්ඩි, එරිත්‍රියා සහ ලයිබේරියා යන අප්‍රිකානු රටවලින් ද ගෘහසේවිකාවන් ගෙන්වීම කුවේටය මීට පෙර තහනම් කරනු ලැබ තිබිණි.

විනීතා එම් ගමගේ


RECOMMEND POSTS