අන්තර්ජාල වංචාකරුවන් අත්අඩංගුවට



ඕමානයේ විදේශිකයන් පස් දෙනෙක් අන්තර්ජාලය හරහා මුදල් වංචා කිරීම හේතුවෙන් ඩොෆාර් ආණ්ඩුකාර ප්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන ඇත.

වට්ස්ඇප් සමාජ ජාල මෘදුකාංගය හරහා පණිවිඩ යවමින් පුද්ගලයන්ගෙන් මුදල් වංචා කර ඇති බව ඕමාන් රාජකීය පොලීසිය ප්‍රකාශ කළේ ය.

විදේශිකයන් පස්දෙනාට එරෙහිවනීතිමය කටයුතු කරගෙන යෑම සඳහා රාජ්‍ය නඩු පැවරීමේ අධිකාරියට භාර දීමට පොලීසිය කටයුතු කර ඇත.

සමාජ ජාල මෘදුකාංග හරහා අනවශ්‍ය ආකාරයෙන් පුද්ගලයන්ට පණිවිඩ යැවීම ඕමාන් ඉලෙක්ට්‍රෝනික් වංචාවන් පිටුදැකීමේ නීතිය යටතේ දැඩුවම් ලැබිය හැකි වරදකි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)


RECOMMEND POSTS