අන්තර්ජාතික ගුවන්ගමන් අත්හිටුවයි



ඕමාන් ගුවන් සේවය සියලුම ජාත්‍යන්තර ගුවන් ගමන් අත්හිටුවන බවට නිවේදනය කරයි.

2020 මාර්තු 29දා මධ්‍යම රාත්‍රී 12.00 සිට දින නියමයක් නොමැතිව සියලුම ජාත්‍යන්තර ගුවන් ගමන් අත්හිටුවන බව ගුවන් සමාගම නිකුත් කළ නිවේදනයේ සඳහන් කර ඇත.

“සිදුවිය හැකි දුෂ්කරතා සහ අපහසුතාවයන් පිළිබදව අපි කනගාටු ප්‍රකාශ කරනවා. නමුත් COVID-19 පැතිරීම මැඩපැවැත්වීම සඳහා රට දරන උත්සාහයන්ට සහයෝගය දැක්වීම සදහා ජාතික ගුවන්සේවය හැටියට අපට ලොකු වගකීමක් තියනවා.’’ යනුවෙන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී, අබ්දුලාසීස් අල්-රයිසි පවසනවා.

ගුවන් ගමන් අවලංගු කිරීම හේතුවෙන් අපහසුතාවයට පත් වනගුවන් මගීන්ට සම්පූර්ණ මුදල් ආපසු ලබාදීමට ගුවන් සමාගම කටයුතු කරන බව නිවේදනය කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)

RECOMMEND POSTS