අධිවේගි ගිලන්රථ තුනක්



ඩුබායි ගිලන්රථ සේවයට අධිවේගි ගිලන්රථ තුනක් (03) ලබාදී ඇති බව වාර්තා වේ.

හදිසි අනතුරක් සිදු වු ස්ථානයකට උපරිම අවම කාලයකින්ලඟවීම සඳහා අධිවේගි ගිලන්රථ ලබාදීමට කටයුතු කර ඇත. 

සෑම මෝටර් රථයකම පරිපූරක වෛද්‍යවරුන් දෙදෙනෙකුට ගමන් කිරීමේ හැකියාව පවතින අතර හෘද ඒකකයක්, ඔක්සිජන් සිලින්ඩර සහ වෛද්‍ය උපකරණ ගෙනයෑමේ පහසුකම් ඇත.

සාමාන්‍ය ගිලන් රථයක සවිකළ හැකි උපකරණවලින් 60%ක ප්‍රමාණයක් අධිවේගී ගිලන්රථ තුලද සවිකළ හැකි බව ඩුබායි ගිලන්රථ සේවය පැවසයි.

ගිලන්රථ සේවාවක් සඳහා ඉහළ මට්ටමේ අධිවේගිගිලන්රථ භාවිතා කරන පළමු අරාබි නගරය බවට ඩුබායි නගරය පත්වීඇති බව ඩුබායි ගිලන්රථ සේවයේ විධායක අධ්‍යක්ෂ, කලීෆා හසන් අල්-ඩ්‍රායි ප්‍රකාශ කළේ ය.

ක්‍රීඩා ඉසව්වල ඇතිවන හදිසි අවස්ථාවන් සඳහා අධිවේගී ගිලන්රථ යොදාගන්නා බව ඩුබායි ගිලන්රථ සේවය වැඩිදුරටත් පැවසීය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ඩුබායි නුවර)

RECOMMEND POSTS