අතරමංව සිටි 3,346 කයිරෝ එයි



කොරෝනා වසංගතය හේතුවෙන් විදේශ රටවල අතරමංවී සිටි ඊජිප්තු ජාතිකයන් 3,346 ක් කයිරෝ නුවරට පැමිණ ඇති බව වාර්තා වේ.

ඊජිප්තු ජාතිකයන් ගෙන්වා ගැනීම සඳහා විශේෂ ගුවන් ගමන් විසි තුනක් (23) ක්‍රියාත්මක කර ඇත.

ලන්ඩන් සහ ෆ්‍රැන්ක්ෆර්ට් ඇතුළු යුරෝපීය නගරවලින් සහ අරාබි රටවල් වන සෞදි අරාබිය, ලෙබනනය සහ කුවේට් යන රාජ්‍යයන්ගෙන්ඊජිප්තු ජාතිකයන්ව ගෙන්වා ගෙන ඇත.

ඊජිප්තුවට ගෙන්වා ගත් පිරිස සති දෙකක කාලයක් නිවෙස්වල ස්වයං නිරෝධායනය කිරීමට කටයුතු කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
 (අරාබි නිවුස්, ඩුබායි නුවර)

RECOMMEND POSTS