අච්චාරු කෑවොත් පිළිකා



කෘතිම වර්ණක (ඩයි) භාවිතා කර සාදන ලද අච්චාරු වර්ග ආහාරයට ගැනීමෙන් වළකින ලෙස ඩුබායි නගරසභාව ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත.

එවැනි අච්චාරු වර්ග ආහාරයට ගැනීමෙන් පිළිකා සැදීමේ අවධානමක් පවතින බවට විද්‍යාගාර තුල සිදුකරන ලද පරීක්ෂණවලින් තහවුරු වී ඇති බව නගරසභාව ප්‍රකාශ කළේ ය.

රෝස පැහැති වර්ණක (Rhodamine B) යොදා සාදන ලද අච්චාරු සහ අනිකුත් ආහාරවර්ග ආහාරයට ගැනීමෙන් වළකින ලෙසත් එම වර්ණකය අනිකුත් වර්ණකවලට වඩා පිළිකා සෑදීමේ වැඩි ඉඩකඩක් පවතින බවඉංජිනේරු අධ්‍යක්ෂ, ඊමාන් අල්-බැස්ටකි ප්‍රකාශ කළේ ය. 

සෞඛ්‍යාරක්ෂිත පිළිවෙත් අනුගමනය නොකර පිටරටින් ආනයනය කරන සහ දේශියව නිෂ්පාදනය කර අච්චාරු වර්ග නතර කිරීමට කටයුතු කරන බව අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ඩුබායි නුවර)

RECOMMEND POSTS