ශ්‍රමිකයෝ 58,000 ක් කැමති වෙති



ඕමානයේ සිටින විදේශ ශ්‍රමිකයන් පනස් අට දහසක් මව්රටවල් බලා පිටත්ව යාමට කැමැත්ත පළ කර ඇති බව වාර්තා වේ.

කම්කරු අමාත්‍යාංශය කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් විදේශ ශ්‍රමිකයන් ඕමානයෙන් පිට වී යෑමට කැමැත්ත පළ කර ඇති බව කම්කරු අමාත්‍යාංශය ප්‍රකාශ කරනවා.

ඕමානයෙන් පිට වී යෑම සඳහා අවශ්‍ය සියළුම පහසුකම් සැපයීමට කම්කරු අමාත්‍යාංශය කටයුතු කරන බව ටයිම්ස් ඔෆ් ඕමාන් වෙබ් අඩවිය වාර්තා කරනවා.

දැනටමත් විදේශ ශ්‍රමිකයන් 12,378 දෙනෙක් ඕමානයෙන් පිට වී ගොස් ඇති බවත්, 2021 මාර්තු 31 දක්වා කිසිදු ගාස්තුවක් ශ්‍රමිකයන්ගෙන් අය කර නොගන්නා බව කම්කරු සුභසාධන අධ්‍යක්ෂ ජනරාල්, සලීම් සයිඩ් අල් බඩි පැවසීය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)

RECOMMEND POSTS