සෞදිය, බහරේනය කටාර් යයි



කටාර් රාජ්‍යයේ දෝහා නගරයේ පැවැත්වෙන ආසියානු සහායෝගිතා සමුළුවට සෞදි අරාබිය සහ බහරේන් රාජ්‍යය සහභාගි වන බව වාර්තා වේ. 

සෞදි අරාබිය නියෝජනය කරමින් සෞදි විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජාත්‍යන්තර සංවිධාන අධ්‍යක්ෂ, මේහානා සෙලේ අබු කයිල් සමුළුවට සහභාගි වේ.

බහරේන් රාජ්‍යය නියෝජනය කරමින් එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ අප්‍රිකානු-ආසියානු කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ, මොනා අබ්බාස් රඩ් සමුළුවට සහභාගි වේ.

එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය සමුළුවට සහභාගිවීම ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS