ඉරානය හැදූ යුද නැව



ඉරාන නාවික හමුදාව විසින් නිර්මාණය කළ තවත් ප්‍රහාරක යුද නැවක් පසුගියදා එළිදැක්විණි.

රේඩාර්වලට හොරා යාත්‍රා කිරීමට මෙම යුද නැවට හැකියාව ඇති බව පැවැසෙයි. එපමණක් නොව, මාස 6 ක කාලයක් එක දිගට මුහුදේ යාත්‍රා කිරීමට මෙම නැවට හැකියාව ඇති බවත්, නාවිකයන්ට අවශ්‍යය බඩුබාහිරාදිය සියල්ල රු​ගෙන යෑමට ඉඩකඩ ඇති බවත් පැවැසෙයි. නැව එළිදැක්වීම සිදුවූයේ බන්දාර් අබ්බාස් නාවික හමුදා කඳවුරේදීය.

‘සහාන්ද්’ යන නමින් හැඳින්වෙන මෙම යුද නැව, ට්‍රෝපීඩෝ විඳින හෙලිකොප්ටර් අංගන, ගුවන් යානා නාශක අවි ආයුධ අදියෙන් ද සන්නද්ධ යැයි ද පැවැසෙයි.

ඉරාන නාවික හමුදාව මෙම නව යුද නැව එළිදැක්වීම කළේ ඇමෙරිකාව විසින් සම්බාධක පනවා ඇති අවස්ථාවකය. එම සම්බාධක හේතුවෙන් ඉරාන ආර්ථිකය පවා කඩා වැටීමකට ලක් වී ඇති බව පැවැසෙයි.

(අල් ජසීරා)


RECOMMEND POSTS