ඉරානය මෙවර මක්කම වන්දනාවට නොපැමිණේ !




මේ වසරේ හජ් සහ උම්රා වන්දනා සඳහා ඉරාන වැසිනයන් සෞදි අරාබිය වෙත නොයැවීමට ඉරාන රජය තීරණය කර ඇත.

යේමනයේ ගැටුම් මුල් කරගනිමින් සෞදිය හා ඉරාන අතර ද්විපාර්ශික සබඳතා මේ වන විට පළුදු වී තිබෙන අතර මේ තීරණය මත ඉරානයේ ෂියා මුස්ලිම් බැතිමතුන්  හජ් වන්දනාව සඳහා සෞදියට නොයැවීමට තීන්දු කර ඇත.

මේ සමබන්ධයෙන් අදහස් දක්වමින් ඉරානයේ විදේශ කටයුතු අමාත්‍යාංශ ප්‍රකාශක බහ්රාම් කාසෙමි ටෙහරාන්යේ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ  හජ් වන්දනා කටයුතු ඉරානයේ සිටම පැවැත්විය හැකි අන්දමින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවය.

සෞදියේ හජ් සහ උම්රා වන්දනා කටයුතු පිළිබඳ අමාත්‍ය මෙහොමඩ් සලේහ්  බින් තහේර් බෙන්තින් කියා සිටියේ ඉරානය මොන තීරණයක් ගත්තද ,හජ් වන්දනාව සඳහා පැමිණෙන්නැයි දන්නවමින් සෞදි ආරබිය විසින් සිය සාම්ප්‍රදායික  නිල ආරාධනය ඉරානයට යැවූ බවය.

ලොව පුරා වෙසෙන ඉස්ලාම් බැතිමතුන් මිලියන තුනකට ආසන්න ප්‍රමාණයක් ඉස්ලාම් ආගමික නායක මහමුද් නබිනායකතුමන්ගේ උපන්දිනය සමරමින් සෞදියේ මක්කම නගරයේදී නබිනායකතුමන් උපන් ස්ථානයේ ආගමික වතාවත් හි නිරත වන අතර ඒ සඳහා සෞදි රජය ඉරානය ඇතුළු සියලුම මැදපෙරදිග රටවල් හා ඉස්ලාම් ආගමිකයින් සිටින රටවල් 80ක ඉස්ලාම් බැතිමතුන් වෙනුවෙන් ලබා දෙන  විශේෂ කෝටා ක්‍රමයට අනුව මක්කම වන්දනාව සඳහා පැමිණේ

 

( තිළිණි ද සිල්වා )

ගල්ෆ් නිව්ස් ඇසුරෙනි....


RECOMMEND POSTS