ඉරානයෙන් තවත් වයිරස පොකුරක්



ඉරානයේ කුසෙස්තාන් පළාතෙන් දිගටම ‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයන් හමුවන බව වාර්තා වේ.

ඉරානයෙන් පොකුරු වශයෙන් මෙසේ වයිරස අසාදිතයන් හමුවීමට පටන්ගෙන ඇත්තේ ලොක්ඩවුන් තහංචි ලිහිල් කිරීමට ඉරාන රජය තීරණය කර ඇති අවස්ථාවකය.

ගතවුණු පැය 24 ඇතුළත කුසෙස්තාන් පළාතෙන් හමුවුණු ‘කොවිඞ් 19’ ආසාදිතයන් සංඛ්‍යාව 71 කි. ඉරානයෙන් වාර්තාවන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1,800 ඉක්මවා ඇත.

(අල් ජසීරා)


RECOMMEND POSTS