ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඉරාක ජනාධිපති හමුවෙයි



ඇමෙරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පේඕ, හිටිහැටියේ ඉරාකයට පැමිණ ඉරාක ජනාධිපති  බර්හාම් සාලී සහ අගමැති අබ්දෙල් අබ්දුල් මහ්දී හමුවී ඉරානය සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීය.

ඇමෙරිකා ජනාධිපති ටොනල්ඞ් ට්‍රම්ප්ගේ අදහස අනුව, මැදපෙරදිග කලාපයේ ත්‍රස්තවාදයට උඩගෙඩි දෙන්නේ ඉරානයයි. ඉරානයේ ක්‍රියාකලාපය ලොවට තර්ජනයකි.

ජනාධිපති ට්‍රම්ප්, ඇමෙරිකාව ඇතුළු ලෝක බලවතුන් ඉරානය සමඟ ඇති කරගෙන තිබුණු න්‍යෂ්ටික එකඟතාවෙන් ඇමෙරිකාව ඉවත් කර ගත් අතර, ඉරානයට ආර්ථික සහ වෙළෙඳ සම්බාධක පැනැවීමක් ද කළේය. මේ වනවිට ඉරාන රජයේ හමුදාව, ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කිරීමට පවා ඇමෙරිකාව පියවර ගෙන ඇත.

අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන්ට එරෙහි සටනේදී, අසල්වැසි රාජ්‍යයන් වන ඉරාකයට ඉරානයේ සහාය හිමිවිය. වසර ගණනක් පස මිතුරන් වූ ඉරානය සහ ඉරාකය අතර මිතුදම් යළි වර්ධනය විය. මෙය ඇමෙරිකාවේ විරෝධයට හේතුවක් විය. ඉරානයට දිගින් දිගටම බලපෑම් කළ යුතු බවත් ඉරානය මර්දනය කිරීමට සහාය දෙන ලෙසත් ඇමෙරිකා රජය වෙනුවෙන් රාජ්‍ය ලේකම් මයික් පොම්පේඕ, ඉරාක ජනාධිපතිගෙන් සහ අගමැතිවරවයාගෙන් ඉල්ලීමක් කළේය.

ඉරාකයේදී (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS