එකම පවුලේ 7ක් මරුට



සෞදි අරාබියේ අධාම් නගරයේ සිට මක්කම නගරය බලා ධාවනය වෙමින් තිබු මෝටර් රථයක් අනතුරකට ලක් වීමෙන් එකම පවුලේ හත්දෙනෙක් ජීවිතක්ෂයට පත් වී ඇත.

පාසල් නිවාඩුව අවසන් කර නිවෙස බලා යමින් සිටින අතරතුර අවාසනාවන්ත අනතුරට මුහුණ දීමට සිදු වී ඇත.

මෝටර් රථය අධික වේගයකින් ධාවනය කිරීම හේතුවෙන් අනතුර සිදු වී ඇති අතර මෝටර් රථය ධාවනය කළ පුද්ගලයා, ඔහුගේ භාර්යාවන් දෙදෙනා, පුතා සහ දියණියන් තිදෙනා අනතුර සිදු වු ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් වී ඇත.

දියණියන් හතර දෙනෙක් අනතුරින් ජිවිත බේරාගැනීමට සමත් වී ඇති අතර ඔවුන්ට ප්‍රතිකාර ලබාදීම සඳහා රෝහල් ගත කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS