කැනඩාවේ රැකවරණ



ඉස්ලාම් දහම අතහැර, තම පවුලේ අයගේ කායික මෙන්ම මානසික පීඩාවලින් බේරී, සරණාගතයකු ලෙස ඕස්ටේ‍්‍රලියාවට යෑමට උත්සාහ කළ අවස්ථාවේදී, තායිලන්තයේ බැංකොක් නුවර ගුවන්තොටුපොළේ කොටුවුණු 18 හැවිරිදි සෞදි තරුණිය රහාෆ් මොහම්මද් අල් කුන්නන්ට කැනඩාවේ රැකවරණ හිමිවිය.

ඒ අනුව, රහාෆ් තායිලන්තයේ බැංකොක් නුවර සිට දකුණු කොරියාවේ සෝල් අගනුවරට ගොස් සෝල් අගනුවර සිට කැනඩාවේ ටොරොන්ටෝ බලා ගමන් ආරම්භ කළාය. ඒ, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සුරැුකිම වෙනුවෙන් පෙනී සිටින ඒජන්සියේ ද සහාය ඇතිවය.

රහාෆ් ට රැුකවරණය ලබා දෙන බව කැනඩා අගමැති ජස්ටින් ටෘඩෝ මාධ්‍ය හමුවේ පවසා තිබේ.  ඕනෑම රටක කාන්තා අයිතීන් වෙනුවෙන් කැනඩාව පෙනී සිටින බවත්, කාන්තා හිංසනයට සැමවිටම විරෝධය දක්වන බවත් එහිදී කැනඩා අගමැතිවරයා පැහැදිලි කර ඇත.

(අල් ජසීරා)

 


RECOMMEND POSTS