කොරෝනා අඳුනගන්න ඛේට පරීක්ෂණ



කොරෝනා වෛරසය හඳුනාගැනීම සඳහා එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය ඛේට (කෙල) පරීක්ෂා කරන බව වාර්තා වේ.

අදාල පරීක්ෂණ වයස අවුරුදු 3 සිට 16 දක්වා දරුවන්ට සිදුකරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරනවා.

ඩුබායි සෞඛ්‍ය නියාමන අධිකාරිය සහ ප්‍රදේශීය විශ්වවිද්‍යාලයක් එක්ව සිදුකරන ලද පරීක්ෂණ අධ්‍යයනයකින් පසු, ඛේට පරීක්ෂණ සඳහා අවසර ලබාදුන් බව ඩුබායි සෞඛ්‍ය අධිකාරිය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

ඛේට පරීක්ෂණ සිදුකරන ආකාර පිළිබඳ විස්තර සෞඛ්‍ය අධිකාරිය සඳහන් කර නොමැත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ඩුබායි නුවර)

RECOMMEND POSTS