ඊශ්‍රායල ලෙබනන් අවි ගැටුමක්



ඊශ්‍රායල ලෙබනන් දේශසීමාවේ, ඊශ්‍රායල හමුදා සහ ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් අතරේ දරුණු අවි ගැටුම් ආරම්භ වී ඇතැයි අල් ජසීරා පුවත් සේවය වාර්තා කරයි.

වසරකට පමණ පසු දෙරට දේශසීමාවේ දරුණු අවි ගැටුමක් සිදුවුණු පළමු අවස්ථාව මෙය යැයි පැවැසෙයි. කෙසේ නමුත් සටන්කාමීන් එල්ල කළ ප්‍රහාරවලින් ඊශ්‍රායල හමුදා සොල්දාදුවන්ට අනතුරක් සිදු නොවුණු බව ද වාර්තා වේ.

පසුගිය සතියේ ඊශ්‍රායල ගුවන් හමුදාව සිරියාවේ ඩමැස්කස් නුවරට නුදුරින් හඳුනාගත් ස්ථාන කීපයකට ගුවන් ප්‍රහාර එල්ල කළේය. එහිදී හිස්බුල්ලා සටන්කාමියෙක් මියගියේය.

හිස්බුල්ලා සටන්කාමීන් ඊශ්‍රායල ලෙබනන් දේශසීමාවේ ඊශ්‍රායල සොල්දාදුවන් සමඟ ගැටුම් ඇති කර ගත්තේ එම ප්‍රහාරයට විරෝධය දක්වමින් යැයි පැවැසෙයි.

(අල් ජසීරා)


RECOMMEND POSTS