ඊශ්‍රායලය ‍පාසල්වල කොටස් කිහිපයක් විවෘතකරයි



කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ඊශ්‍රායලයේ දින 50ක කාලයක් පාසල් වසා දමා තිබූ පාසල්වල ශ්‍රේණි කිහිපයක් විවෘතකරන බව ඊශ්‍රායල රජය ඊයේ (03) නිවේදනය කළේය.  

වසංගතය පාලනය කිරීම සඳහා මාර්තු මාසයේ සිට පනවා තිබූ දැඩි නීති ලිහිල් කිරීමට ඊශ්‍රායල රජය දැන් කටයුතු කරමින් සිටියි. ඒ අනුව පළමු, දෙවැනි, තුන්වැනි ශ්‍රේණිවල සිසුන් සඳහා සහ උසස් පාසල්වල අවසන් වසර දෙකෙහි සිසුන් සඳහා පාසල් විවෘත කරන බව ඊශ්‍රායල අධ්‍යාපන බලධාරීහු නිවේදනය කරති

ඊයේ (03) සවස් වනවිට ඊශ්‍රායලයෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයෙන් ගණන 16,194ක් වූ අතර එරටින් වාර්තා වූ මරණ ගණන 230ක් විය.


RECOMMEND POSTS