ඊශ්‍රායලයේ සිවුවැනි වරටත් මහ මැතිවරණයක්



ඊශ්‍රායලයේ පැවැති සමඟි රජය බිඳ වැටීමත් සමඟ සිවුවැනි වරටත් මහ මැතිවරණයක් පැවැත්වීමට සිදුව ඇති බවත්, මහ මැතිවරණය ලබන මාර්තුවේ පැවැත්වෙනු ඇති බවත් එරට පුවත් සේවා පවසයි.

ඊශ්‍රායලයේ වසර දෙකක් ඇතුළත පැවැත්වෙන සිවුවැනි මහ මැතිවරණය වන්නේ මෙයයි. මැතිවරණය පැවැත් වෙන බව පැවැසෙන්නේ ලබන මාර්තු 12 වැනිදාය.

මීට පෙර පැවැති කිසිදු මැතිවරණයකින්, අගමැති බෙන්ජමින් නෙදන්යාහුගේ හෝ විපක්ෂ නායක වන බෙනී ගාන්ට්ස්ගේ පක්ෂයට බහුතර බලයක් හිමි නොවිණි.

ඒ අනුව, අවසන් වර පැවැතිවුණු මහ මැතිවරණයෙන් පසු සමඟි රජයක් පිහිටුවීමට නෙදන්යාහු සහ ගාන්ට්ස් අතර එකඟතාවක් පළ විය. මේ වනවිට බිඳ වැටී ඇත්තේ එම එකඟතාව මත පිහිටවූ රජයයි. නෙදන්යාහු දූෂණ චෝදනා එල්ල වූ අයෙකි. කෙසේ නමුත් තමන්ට එල්ල වන කිසිදු චෝදනාවක් සත්‍ය නොවන බව අග්‍රාමාත්‍යවරයා අවධාරණය කර තිබේ.

ටෙල් අවීව්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS