ගාසා පාසල් විවෘත කෙරේ



ඊශ්‍රායල සම්බාධක හේතුවෙන් ලොවෙන් හුදෙකලා වූ අවම සෞඛ්‍ය පහසුකම් ඇති ගාසා තීරයෙන් ද ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා ආසාදිතයන් වාර්තා වෙයි.

ගාසා තීරයෙන් වාර්තා වන ආසාදිතයන් ගණන 78 කි. එයින් 70 දෙනකු සුවය ලබා ඇතැයි පැවැසෙයි. වාර්තා වන්නේ එක් මරණයක් පමණි.

ඒ අනුව, වයිරස ව්‍යාප්තියත් සමඟ මාස පහක් තිස්සේ වසා දැමුණු පාසල් යළි ඇරැඹීමට ගාසා පලස්තීන බලධාරීන් තීරණය කර ඇත.

(රොයිටර්)


RECOMMEND POSTS