ගෑස් සහ තෙල් නිධි සොයා ගනියි



සෞදි අරාබියේ අරාමිකෝ සමාගම අලුතින් ගෑස් සහ තෙල් නිධි සොයාගෙන ඇති බව වාර්තා වේ.

අලුතින් සොයාගත් ගෑස් සහ තෙල් නිධි හතර සම්බන්ධයෙන් තොරතුරු නිවේදනයක් මඟින් නිකුත් කිරීමට සෞදි බලශක්ති අමාත්‍ය, අබ්දුල්ලාසිස් බින් සල්මන් කුමරු කටයුතු කර ඇත.

වයඹදිග ඩහ්රාන් හි අල්-රීෂ් ප්‍රදේශයෙන් තෙල් ලිං සොයාගෙන ඇති අතර, එම තෙල් ලිංවලින් දිනකට අමතර බොරතෙල් බැරල් 4,452ක් ලබාගත හැකි බවත්, අල්-සහරා ප්‍රදේශයේ ගෑස් නිධි තුල ඝන අඩි මිලියන 3.2 ක ගෑස් ප්‍රමාණයක් ඇති බවටබලශක්ති අමාත්‍යවරයා නිකුත් කළ නිවේදනයේ සඳහන් කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS