රෝහලේ සිට කැබිනට් හමුවක්



රෝහල්ගත කර සිටින සෞදියේ සල්මාන් බින් අබ්දුල්ලාසි රජු රෝහලේ සිට කැබිනට් හමුවකට සහභාගී විය.

84 හැවිරිදි රජු රෝහල් කාමරයේ සිට කැබිනට් හමුවට සහභාගී වූයේ වීඩියෝ පණිවුඩ හුවමාරු ඔස්සේය. කැබිනට් හමුව සජීවීව සෞදි ජාතික රූපවාහිනියෙන් විකාශය කෙරුණි.

සෞදි රජුගේ තත්ත්වය බරපතල නොවන බව එම වීඩියෝ දසුන් හරහා පැහැදිලිව පෙනෙන බව සෞදි පුවත් සේවා වාර්ත කර තිබේ.

සෞදි රජු රෝහල්ගත කෙරුණේ පසුගිය සති අන්තයේය. ඒ, ඔහුගේ පිත්තාශය විශාල වීමක් සිදුවීමෙන් යැයි වෛද්‍යවරු පෙන්වා දුන්හ. සල්මාන් බින් අබ්දුල්ලාසි සෞදි රජු ලෙස කිරුළ දරන්නේ 2015 වසරේ සිටය.

රියාද්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS