මුස්ලිම් පල්ලිවලට ඇතුල්වීම තහනම්



ඕමානයේ මුස්ලිම් පල්ලිවලට වසය අවුරුදු 12 අඩු දරුවන්ට සහ 65 වැඩි පුද්ගලයන්ට ඇතුළුවීම තහනම් කර ඇති බව වාර්තා වේ.

කොරෝනා සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව, එම වයස් කාණ්ඩවල පුද්ගලයන්ට ආගමික වතාවත් සිදුකිරීම සඳහා මුස්ලිම් පල්ලිවලට ඇතුළුවීමට අවසර නොදෙන බව ආගමික කටයුතු අමාත්‍යාංශයේ උප-ලේකම්, මුහම්මද් අල් මාමාරි පැවසීය.

අනිවාර්ය ආගමික කටයුතුවලට පමණක් මුස්ලිම් පල්ලි විවෘත කර ඇති බවත්, අනිකුත් සියළුම ආගමික කටයුතු අත්හිටුවීමට කටයුතු කර ඇති බව මුහම්මද් අල් මාමාරි වැඩිදුරටත් පැවසීය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)

RECOMMEND POSTS