බහරේන වැසියන්ට චීන එන්නත නොමිලේ



චීනයේ ජාතික ‘සිනොෆාම්’ ඖෂධ නිෂ්පාදන සමාගම නිපදවා ඇති ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වළක්වන එන්නතට බහරේන රජයේ අනුමැතිය හිමිවී ඇති අතර, එන්නත බහරේන වැසියන්ට නොමිලේ බෙදා දීමට නියමිතය.

බහරේන රජය එන්නත මිලදී ගෙන ඇණවුම් කර ඇති බවත්, එන්නත ලබාදීම සඳහා මේවනවිටත් බහරේන වැසියන් ලියාපදිංචි කිරීම ආරම්භ කර ඇති බව පැවැසෙයි.

බහරේන රජය එන්නත ඇණවුම් කර ඇත්තේ එරට ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය හිමිවීමෙන් පසුවය. එන්නත ලබා දෙනු ඇත්තේ අවුරුදු 18ට ඉහළ බහරේන පුරවැසියන්ට පමණි. එන්නත නොමිලේ හිමිවන්නේ එය ලබා ගැනීමට ලියාපදිංචි වන බහරේන වැසියන්ට පමණක් බව ද පැවැසෙයි.

මනාමාහිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS