බහරේන් රෙජීමයට බලපෑම් කරන්නැයි බ්‍රිතාන්‍ය අගමැතිනියට බලපෑම්



 

 

බහරේන් රෙජීමය එරට විපක්ෂ ක්‍රියාකාරීන් කුරිරු ලෙස මර්දනය කරන බව පවසමින්, ඒ ගැන සොයා බලා බහරේන් රෙජීමයට බලපෑම් කරන්නැයි බහරේනයේ විපක්ෂ ක්‍රියාකාරීන් සහ මානව අයිතිවාසිකම් සුරැකීමේ සංවිධාන බ්‍රිතාන්‍ය අගමැතිනී තෙරේසා මේගෙන් ඉල්ලීමක් කර ඇතැයි ඉරානයේ ප්‍රෙස් ටීවී පුවත් සේවය වාර්තා කරයි.
බි්‍රතාන්‍ය අගමැතිනි තෙරේසා මේ පර්සියානු ගල්ෆ් සහයෝගීතා සමුළුවට සහභාගීවීමට මැදපෙරදිග බලා යෑමට සූදානමින් සිටින්නීය. එහිදී මානව හිමිකම් කඩවීම සම්බන්ධයෙන් බහරේනයේ හමාද් බින් කලීෆා රජුගෙන් විමසන ලෙසත් බහරේන් විපක්ෂ ක්‍රියාකාරීහු ඉල්ලීමක් කර සිටිති. බහරේනයෙන් පිටුවහල්වුණු එරට විපක්ෂ දේශපාලන ක්‍රියාකාරීහු රැසක් බි්‍රතාන්‍යයේ වාසය කරති.
 
(ප්‍රෙස් ටීවී)

RECOMMEND POSTS