පාකිස්තාන සංචාරයකට කුමරු සැරැසෙයි



හදිසි කෙටි සංචාරයක් සඳහා සෞදියේ ඔටුන්න හිමි මොහොමද් බින් සල්මාන් කුමරු පාකිස්තානයේ ඉස්ලාමාබාද් අගනුවරට පැමිණීමට නියමිතය.

සෞදි කුමරුන් පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් හමුවනු ඇති බවත් ඇමෙරිකන් ඩොලර් බිලියන 15 ක ආයෝජන ඇති කර ගැනීමට නියමිත බවත් පැවැසෙයි.

ඉම්රාන් ඛාන් පාකිස්තානයේ අගමැති ධුරයට පත් වූයේ රට ආර්ථික වශයෙන් අර්බුදයකට ලක් වී ඇති අවස්ථාවකය. ඉම්රාන් අගමැති ධුරයට පත් වීමෙන් පසු පළමු විදෙස් සංචාරය ආරම්භ කරමින් ගියේ සෞදියටය.

එහිදී ඇමෙරිකන් ඩොලර් බිලියන ගණනින් ණය ආධාර ලබා දීමට සෞදි රජය එකඟත්වය පළ කළේය. සෞදි අරාබිය පාකිස්තානයේ නව ආයෝජන ඇතිකර ගැනීම සම්බන්ධයෙන් එකඟත්වයක් ඇති කර ගැණුනේ ඒ අනුවය.

(රොයිටර්ස්)


RECOMMEND POSTS