පොලිස් මූලස්ථානයට ප්‍රහාරයක්



ඉරානයේ දකුණු දෙසින් පිහිටි චබාහාර් වරාය නගරයේ පොලිස් මූලස්ථානයට ඊයේ (6) මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වීමෙන් පොලිස් නිලධාරීහු සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.

පොලිස් මූලස්ථානයට එල්ල වූයේ මරාගෙන මැරෙන කාර් බෝම්බයකි. තවත් 42 දෙනකු තුවාල ලැබූ බවත් ඔවුන් අතර පොලිස් නිලධාරීන් පමණක් නොව, සිවිල් වැසියන් ද සිටින බවත් පැවැසෙයි.

ඉරානය ෂියා මුස්ලිම් බහුතරයක් වෙසෙන රාජ්‍යයකි. ඉරානයේ සුළුතරය සුන්නි වන්නේ සුන්නි මුස්ලිම්වරැන් වන අතර ඔවුන් ජීවත් වන්නේ මෙම චබාහාර් වරාය නගරය අයත් ප්‍රාන්තයේය.

බෝම්බ ප්‍රහාරය එල්ල කරන්න ඇත්තේ සෞදියේ අනුග්‍රහය ලබන, බෙදුම්වාදී ඉස්ලාමීය සටන්කාමීන් යැයි ඉරාන රයෙ චෝදනා කර ඇත.

මරාගෙම මැරෙන බෝම්බකරැ පුපුරන ද්‍රව්‍ය පුරවාගත් මෝටර් රථය වේගයෙන් ධාවන කරමින් පොලිස් මූලස්ථානයට කඩා වැදුණු බවත්, පොලිස් නිලධාරීන් වෙඩි තබමින් වාහනය නැවැත්වීමට උත්සාහ ගත්තත් එය අසාර්ථක වුණු බවත් චබාහාර් වරාය නගරය අයත් වන සිස්ටන් බලුකිස්තාන් ප්‍රාන්ත ආණ්ඩුකාර රහ්මදෙල් බමේරී මාධ්‍ය හමුවේ පැහැදිලි කර ඇත.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS