පරණ උපදේශකයාගෙන් උපදෙස්



සෞදියේ ඔටුන්න හිමි මොහොමද් බින් සල්මාන් කුමරු ඔහුගේ පරණ උපදේශක සෞද් අල් කටානී හමුවී උපදෙස් ලබාගෙන ඇතැයි වාර්තා වේ.

සෞදි මාධ්‍යවේදී ජමාල් කශොග්ජී ඝාතනය මෙහෙයවන ලද්දේ සෞද් අල් කටානී යැයි චෝදනා එල්ල විය. සෞද් අල් කටානී, උපදේශක ධුරයෙන් ඉවත් කිරීම ඒ අනුව සිදුවිය.

කශොග්ජී ඝාතනය වූයේ සල්මාන් කුමරුන්ගේ උපදෙස් පරිදි යැයි චෝදනා එල්ල වී ඇත. සල්මාන් කුමරු, සෞද් අල් කටානී හමුවී උපදෙස් ලබා ගත් බව අනාවරණය කළේ වොෂින්ටන් පෝස්ට් පුවත් සේවයයි.

(අල් ජසීරා)

 


RECOMMEND POSTS