පත්තර 4 ක් සිකුරාදා මුද්‍රණය නවත්වයි



කුවේටයේ ප්‍රධාන පෙළේ දිනපතා පුවත්පත් හතරක් සෑම සිකුරාදා දිනයකදීම මුද්‍රණ කටයුතු නවතා දමන බවට ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර ඇත.

අල්-කබස්, අල්-රායි, ඇල්ජරීඩා, ඇලන්බා යන පුවත්පත් සෙනසුරාදා දිනයන්වලදි පාරිභෝගිකයන්ට මිලදී ගැනීමට නොහැකි වන අතර සමාගම් මුහුණදී ඇති ආර්ථික ගැටළුවලට පිළියමක් ලෙස මුද්‍රණ කටයුතු නවතා දැමීමට තීරණය කර ඇත.

පුවත්පත් හතරට අයත් ඉලෙක්ට්‍රොනික් පුවතපත් (e-Newspaper)සුපුරුදු පරිදි අන්තර්ජාලයෙන් කියවිය හැකි බව නිවේදනයේ සඳහන් කර ඇත. 

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS