තුර්කි කොරෝනා රෝහලක ගින්නක්



තුර්කියේ, ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයන් ප්‍රතිකාර ලබන රෝහලක ගින්නක් හටගත්තේය.

ගින්න හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටි ‘කොවිඩ් 19’ ආසාදිතයෝ 8 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. විදුලි කාන්දුවක් සහ ඔක්සිජන් ටැංකියක පිපිරුමක් ගින්නට හේතුව බව පැවැසෙයි‍.

රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ‘කොවිඩ් 19’ ආසාදිතයන් 11 දෙනකු වෙනත් රෝහලකට මාරු කිරීමට ද පියවර ගෙන ඇතැයි වාර්තා වේ.

අන්කාරාහිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS