තීරණ ගන්න මවටත් අයිතියක්



තම දරුවන්ගේ සෞඛ්‍යය සම්බන්ධයෙන් තීරණ ගැනීමේ අයිතිය මවටද ලබා දී ඇති බව කුවේට් මාධ්‍ය වාර්තා කරනවා.

කුවේට් දණ්ඩ නීති සංග්‍රහය මඟින් මීට පෙර පියාට පමණක් අයිතිය ලබාදී තිබු අතර, එම නීතිය සංශෝධනය කර මවටද අවස්ථාව ලබාදීමට කටයුතු කර තිබේ.

මවක් ගොනු කළ අභියාචනයක් මඟින් පහළ අධිකරණය මඟින් ලබාදුන් තීන්දුව අභියාචනාධිකරණයේ නව තීන්දුවත් සමඟ අවලංගු වන බව අල්-අන්බා ඩේලි පුවත්පත වාර්තා කරනවා.

රජයේ සහ පෞද්ගලික රෝහල්වලින් දරුවන්ට ප්‍රතිකාර ලබාගැනීමට සහ දරුවන් සමඟ ගොස් වෙනත් රටකින් ප්‍රතිකාර ලබාගැනීමට අවශ්‍ය සියලු පියවර ගැනීමට තම සේවාදායකයාට අධිකරණ තීන්දුව මඟින් අවස්ථාව ලබා දී ඇති බව මව වෙනුවෙන් පෙනී සිටි නීතිඥ, මොනා අල්-අර්බාෂ් පැවසීය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS