යළි ජනපති වෙන්න සැරැසෙන ජනපති රොව්හානිට අභියෝග



ලබන මැයි 19 වැනිදා පැවැත්වීමට නියමිත ඉරාන ජනාධපතිවරණය සඳහා සුදුසුකම් ලැබූ වත්මන් ජනාධිපති හසන් රොව්හානි ඇතුළු අපේක්ෂකයන් සය දෙනා මේ වනවිට ඔවුන්ගේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු ආරම්භ කර ඇතැයි ඉරාන ප්‍රෙස් ටීවී පුවත් සේවය වාර්තා කරයි.

රොව්හානිට අභියෝගයක් එල්ල වී ඇත්තේ ජ්‍යෙෂ්ඨ ආගමික නායකයකු වන සයියාද් ඊබ්‍රහීම් රෙයිසි සහ තෙහෙරාන් අගනුවර පුරපතිවරයා ලෙස කටයුතු කළ මොහොම්මද් බකීර් කලීබාෆ්ගෙන් යැයි ද ඉරාන පුවත් සේවා වාර්තා කරයි.

ජනපති රොව්හානිගේ දෙවැනියා ලෙස කටයුතු කරන එස්හාක් ජහන්ගිරි පවා ජනපති ධුර අපේක්ෂකයකු ලෙස ජනපති සටනට එක් වී සිටී.

(ප්‍රෙස් ටීවී)

 


RECOMMEND POSTS