‘ඉරාන විප්ලවය’



ඉරාන වැසියෝ ඉරිදා (11) ‘ඉරාන විප්ලවය’ අවසන් වීමේ 39 වැනි සංවත්සවරය සමරන ලදි. ඉරාන විප්ලව දිනය යනු ඉරාන විප්ලවය අවසන් වූ සහ ඉරානයේ උත්තරීතර නායකයා ලෙසින් හැඳින්වෙන අයතොල්ලා රොහුල්ලා කොමෙනි නැවත ඉරානයට පැමිණි දිනයයි. රටින් නෙරපා සිටි ඔහු නැවත ඉරානයට පැමිණියේ 1979 වසරේ පෙබරවාරි 11 වැනිදාය.

වසර 2500කට වැඩි කාලයක් ඉරානයේ පැවැති පර්සියානු රාජාණ්ඩුව පරායට පත් කරමින් අයතොල්ලා කොමේනි ඉරාන ඉස්ලාමීය ජනරජය නිර්මාණය කළේය. කොමේනි ඉරානයේ අවසාන ‘ෂා’වරයා වූ මොහම්මද් රේසා පහ්ලාවි බලයෙන් ඉවත් කරමින් වත්මන් ඉරානයේ නිර්මාතෘවරයා බවට පත්විය.

බටහිර ලෝකය අයතොල්ලා කොමේනි නමින් හඳුන්වන අයතොල්ලා රොහුල්ලා කොමේනි ඉරානයේ උත්තරීතර එසේත් නැතිනම් ශ්‍රේෂ්ඨ නායකයා ලෙසින් හැඳින්වෙයි.

වසර සියය ගණනක් පැවැති රාජකීය පාලනය අවසන් කිරීම සඳහා ඉරාන වැසියෝ සිය දහස් ගණනින් විදී බැසි විරෝධතාවල නිරත වූහ. ඉරානයේ රාජකීය පාලනය නීති විරෝධී, දූෂිත සහ මිලේච්ඡ පාලනයක් යැයි ඔවුහු චෝදනා කළහ. අයතොල්ලා කොමේනිගේ

නායකත්වයෙන් යුතු විප්ලව බලකාය ‘ෂාවරයා’  බලයෙන් නෙරපූ අතර අයතොල්ලා කොමේනි ඔහු ඉරානයෙන් ද පිටුවහල් කළේය.
බටහිර ලෝකයත් සමඟ ඉරානයත් සමඟ නිරන්තරයෙන් ගැටෙන ඉරානය නිර්මාණය වූයේ ඉන් අනතුරුවය. ඉරාන විප්ලවය ඉරාන ජනතාවගේ නූතන ජීවන රටාවට බෙහෙවින් බලපා තිබේ. ඉරාන ජනතාව අදටත් කතා කරනුයේ ඉරාන විප්ලවය අවසන් නොවූ පරිද්දෙනි.

හර්ෂණ තුෂාර සිල්වා
අල්ජසීරා ඇසුරිනි


RECOMMEND POSTS