ෆේස්බුක් බිලියන දෙක පනී !



Facebook වෙබ් අඩවිය මේ වන විට මුළු ලෝකය ම ආවරණය කරමින් සමාජ සබඳතා පවත්වා ගන්නා අත්වැලක් කළ ප්‍රධානතම සාමාජ ජාල වෙබ් අඩවිය බවට පත්ව අවසන් ය.

මාර්ක් සකර්බර්ග් විසින් 2004 වසරේදී හඳුන්වා දෙනු ලැබූ Facebook වෙබ් අඩවියේ සාමාජික සංඛ්‍යාව කෝටි 200 (බිලියන දෙකකට) අසන්න වී තිබේ.

එමෙන් ම ලොව වැඩි ම පුද්ගලයින් සංඛ්‍යාවක් භාවිත කරන අමෙරිකානු තාක්ෂණ දැවැන්තයා ලෙස සැලකෙන Facebook වෙබ් අඩවිය මෙම කාර්තුවේදී ඉපයූ ලාභය අමෙරිකානු ඩොලර් බිලියන 3කට ආසන්න ය.එය පසුගිය වසරට සාපේක්ෂව 76%ක ඉහළ යාමකි.

නවතම වාර්තාවලට අනුව Facebook සාමාජිකයින් අතරින් බිලියන 1.3ක් වෙබ් අඩවියේ දෛනිකව ක්‍රියාකාරී සාමාජිකයෝ වෙති .කෙසේ වෙතත්, මෙම තත්ත්වය යටතේ දැන්වීම්වලින් ලැබෙන අදායම පහළ යාමේ අවදානමක් පවතින බවට ද වාර්තා පළවේ.

ඒ, මෑත කාලීනව සජීවි විශේෂාංගය හරහා ඇතැම් පුද්ගලයින් ඔවුන්ගේ මෙන් ම අන් අයගේ ද සිත් රිදවීමට ක්‍රියා කිරීම් Facebook වෙබ් අඩවියේ පැවැත්මය තර්ජනයක් වීමය.

Facebook ප්‍රධාන විධායක නිලධාරී මාර්ක් සකර්බර්ග් පවසන්නේ මසකට ලෝක ජනගහනයෙන් 1/4ක් වෙබ් අඩවිය භාවිත කරන බවය.ඊට අමතරව යුරෝපයෙන් සහ අමෙරිකාවෙන් පිට වැඩි පිරිසක් Facebook වෙබ් අඩවිය හා සම්බන්ධ වීමේ ප්‍රවණතාවක් දක්නට ඇති බවයි.

වෙබ් අඩවිය භාවිත කරන්නන් සංඛ්‍යාව මෙලෙස ඉහළ අගයක් ගැනීම තුළින් වෙබ් අඩවියේ කාර්ය භාරය පුළුල් කිරීමට ක්‍රියා කරන බව ද සකර්බර්ග් පවසයි.සුවිශාල සාමාජික සංඛ්‍යාව සමග ආයතනය ඉදිරියේදී නව පියවර කිහිපයක් ඉදිරියට තබනු ඇති බව ත් ඒ වෙනුවෙන් ඉටු කිරීමට බොහෝ දේ ඇති බව ත් ය.

Facebook දැන්වීම් හරහා ආයතනය පසුගිය කාර්තුව තුළ අමෙරිකානු ඩොලර් බිලියන 7.9ක ආදායමක් උපයා තිබේ.එහෙත්, එහි ප්‍රධාන මූල්‍ය නිලධාරි ඩේවිඩ් වෙන්ජර් පවසන්නේ , දැන්වීම්වලින් ලැබෙන ආදායම 2017 වසරේදී සැලකිය යුතු අන්දමකින් පහළ යනු ඇති බවට අනතුරු අඟවා සිටී.

තිළිණි ද සිල්වා
ගල්ෆ් නිවුස් ඇසුරිනි


RECOMMEND POSTS