හැංගුණු කුරු ග්‍රහයෙක් හමුවෙලා



ජාත්‍යන්තර තාරකා විද්‍යා සංගමයට අනුව, ග්‍රහලෝකයක් වීමට නම් සුදුසුකම් තුනක් සපුරා තිබිය යුතුය. පළමු සුදුසුකම එය හිරු වටා භ්‍රමණය වීමය. එය තවත් ග්‍රහලොවක චන්ද්‍රයකු (උප ග්‍රහයකු) නොවිය යුතුය.

දෙවැන්න තමන්ටම ක්‍රියා ගුරුත්වාකර්ෂණ බලයක් ඊට තිබිය යුතු අතර, එය ගෝලාකාර හැඩයක් ගත යුතුය. (ග්‍රහලෝක ගෝලාකාර හැඩයක් ගන්නේ ප්‍රබල ගුරුත්ව බලයක් තිබීම නිසාය.) සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක සියල්ල එකම ආකාරයකට හිරු වටා යයි. කුරු ග්‍රහයකු ද පළමු සුදුසුකම් දෙක සම්පූර්ණ කරයි.

තෙවැනි සුදුසුකම කුරු ග්‍රහයකුට නැත. කුරු ග්‍රහයකු හිරු වටා යන්නේ ග්‍රහලෝක ගමන් කරන ආකාරයට නොව, වෙනස් වූ මාර්ගයක ය.

එසේ වෙනත් මාර්ගයක ගමන් කරන සෞරග්‍රහ මණ්ඩලයේ සැඟවී තවත් කුරු ග්‍රහලොවක් සොයා ගැනීමට සමත්වුණු තාරකා විද්‍යාඥයන් එම ග්‍රහයා නර් කර ඇත්තේ ග්‍රීක දෙවියකුගේ නමිනි. මෙම නව කුරු ග්‍රහයාගේ නම ‘හෙජියා’ ය. මෙය අප සෞර ග්‍රහ මණ්ඩලයේ ඇති කුඩාම කුරු ග්‍රහයා ද වෙයි.

තාරකා විද්‍යාඥයන්ට තවමත් අබිරහසක් වුණු ‘හෙජියා’ පිහිටා ඇත්තේ බෘහස්පති සහ අඟහරු අතර ඇති ග්‍රහක වළල්ලේය. විෂ්කම්බය සැතපුම් 270 කි. ඒ අනුව, ‘හෙජියා’ අප චන්ද්‍රයාට වඩා දස ගුණයකින් කුඩාය.

අලුතින් සොයා ගෙන ‘හෙජියා’ යනුවෙන් නම් තැබුවත්, මේ කුරු ග්‍රහයා ගැන වසර ගණනක් තිස්සේ තාරකා විද්‍යාඥයෝ දැන සිටියහ. ඒ, කුරු ග්‍රහයකු ලෙස නොවෙයි. තාරකා විද්‍යාඥයන් සිතුවේ, මෙය ග්‍රහකයක් එසේත් නැතිනම් ඇස්ට්‍රොයිඩයක් කියා ය. තාරකා විද්‍යාඥයන් ‘හෙජියා’ පිළිබඳ වැඩි විස්තර සොයා ගැනීම කර ඇත්තේ, චිලී රටේ පිහිටි අති ප්‍රබල දුරේක්ෂයේ ආධාරයෙනි. මෙම දැවැන්ත දුරේක්ෂය හැඳින්වෙන්නේ ‘වෙරි ලාර්ජ් ටෙලස්කෝප්’ එසේත් නැතිනම් ‘වී.එල්.ටී’ යනුවෙනි. ඡායාරූප සහ දත්ත රැස් කර සොයා බලද්දී එය ග්‍රහයකයක් නොව, ප්‍රමාණයෙන් කුඩා කුරු ග්‍රහයකු බව අනාවරණය විය.

‘හෙජියා’ කුරු ග්‍රහයකු බව නිල වශයෙන් දැනුම් දීමක් ද කළා’යැයි ප්‍රංශයේ මාසේල් තාරකා භෞතික විද්‍යා නිරීක්ෂණාගාරයේ ආචාර්ය පියේ වර්නාසා ය.  ‘හෙජියා’ අප සෞරග්‍රහ මණ්ඩලයේ කුරු ග්‍රහයකු  පමණක් නොවෙයි, අප සෞරග්‍රහ මණ්ඩලයේ කුඩාම කුරු ග්‍රහයා ද වෙනවා’ යැයි ආචාර්ය පියේ වර්නාසා වැඩිදුරටත් පැහැදිලි කර ඇත.

කුරු ග්‍රහයන් ද සාමාන්‍ය ග්‍රහයන් මෙන් වුවත්, ඒවා වෙනත් අභ්‍යවකාශ වස්තූන්වලට ළංව පිහිටයි. මේ වනවිට අප සෞරග්‍රහ මණ්ඩලයේ කුරු ග්‍රහයන් හයක් ඇත. ඒ අතරින් අප කවුරුත් හොඳින් දන්නා කුරු ග්‍රහයා ප්ලූටෝ ය. 2006 වසර වෙනකල් ප්ලූටෝ ග්‍රහලොවක් ලෙස හැඳින්විය.

ප්ලූටෝ කුරු ග්‍රහලොවක් බව නිල වශයෙන් තහවුරු කිරීම ජගත් තාරකා විද්‍යාඥයන්ගේ සංගමය විසින් සිදු කරනු ලැබුවේ 2006 දීය. ඒ අනුව, සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක ගණන නවයේ සිට අට දක්වා අඩුවිය.

ප්ලූටෝ සහ හෙජියා ට අමතරව, සෞරග්‍රහ මණ්ඩලයේ ඉතිරි කුරු ග්‍රහයන් වන්නේ, සීරිස්, ඒරීස්, මේක්මේක්, හාමෙයා ය.

ලුසිත ජයමාන්න
‘ද සන්’ ඇසුරිනි


RECOMMEND POSTS