විශාල ග්‍රහකයක් පෘථිවිය අසලින් යයි



බර්ජ් කලීෆා යනු කුමක්දැයි දන්නවාද? බර්ජ් කලීෆා යනු ලොව උසින් වැඩිම කුලුනු ගොඩනැගිල්ලයි. ඉදිකර තිබෙන්නේ එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ, ඩුබායි නුවර ය.

බර්ජි කලීෆා කුලුනු ගොඩනැගිල්ලේ උස මීටර් 829 (අඩි 2,716.5) කි. බර්ජි කලීෆා කුලුනු ගොඩනැගිල්ල තරම් විශාල ඇස්ට්‍රොයිඩයක් එසේත් නැතිනම් ග්‍රහකයක් පසුගිය දා පෘථිවිය අසලින් ගමන් කළේය.

ග්‍රහකයේ ගමන් මඟ දශමයකින් හෝ එහා මෙහා වුණේ නම්, කොරෝනා ජරමර මැද, එය පෘථිවියේ හැපී මහා විනාශයක් සිදුවීමට ඉඩ තිබුණු බව ඇමෙරිකාවේ නාසා විද්‍යාඥයෝ පවසති. මේ යෝධ ග්‍රහකය පෘථිවිය සහ සඳ අසලින් ඇදී ගියේ පැයට කිලෝ මීටර් 90,000 ක වේගයකිනි. ග්‍රහකයේ ප්‍රමාණය මීටර් 820 කි.

නාසා විද්‍යාඥයන් මෙම ග්‍රහකය නම් කර ඇත්තේ ‘2000ඩබ්ලිව්0107’ යන නිල නාමයෙනි. මෙය සොයා ගැනීමට හැකිවී ඇත්තේ 2000 වසරේදීය. එම සොයා ගැනීම කළේ ඇමෙරිකාවේ නිව් මෙක්සිකෝවේ තාරතා විද්‍යාඥ කණ්ඩායමකි. ඒ, 2000 නොවැම්බර් 29 වැනිදාය. ග්‍රහකය පෘථිවිය අසලින් ගියේ පසුගිය නොවැම්බර් 29 වැනිදාය.

එදා සිට ග්‍රහකයේ ගමන් මඟ කුමක්ද කියාත්, එයින් පෘථිවියට අනතුරක් සිදුවේවි ද නැද්ද කියාත් නාසා තාරකා විද්‍යාඥයෝ විමසිල්ලෙන් පසුවෙති. පෘථිවිය අසලින් ගමන් කරන ග්‍රහක අතරින්, දැවැන්තයකු ලෙස මෙය සැලකෙයි. ග්‍රහකය පෘථිවිය සහ සඳ අතරින් ගමන් කළේ පෘථිවියට කිලෝ මීටර් මිලියන 4.2 ක් ළං වෙමිනි.

‘ද සන්’ ඇසුරිනි


RECOMMEND POSTS