විශ්ව රූ රැජින කිරැළ මෙවර ප්‍රංශයට



ලොව පුරා රටවලින් සුදුසුකම්ලත් සුරූපිනියන් 86 දෙනෙකු පරදා  මෙවර විශ්ව රූරැජින වශයෙන් ප්‍රංශ රූ රැජින තේරී පත් වූවාය.මෙවර විශ්ව රූ රැජින තරගාවලිය පැවැත්වූයේ 65 වැනි වතාවටය.

පිලිපීනයේ මැනිලා අගනුවර පිහිටි මෝල් ඔෆ් ඒෂියා ඇරීනා හි පැවති අවසන් මහා රාත්‍රිය ඊයේ පැවැත්වුණ අතර, එහිදී එම කිරුළ ප්‍රංශය නියෝජනය කළ අයිරිස් මිටෙනීරේ ( Iris Mittenaere) විසින් දිනාගනු ලැබුවා.මේවන විට 24 හැවිරිදි වියේ පසුවන ඇය පැරිස් දන්ත වෛද්‍ය ශිෂ්‍යාවක් වශයෙන් ඉගෙනුම ලබමින් සිටින්නීය.

එම කිරැළ ඇයට ලබා දීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ  හැමි යුවතියක්ට විශ්ව රූ රැජිනක් වීම සිහිනයක් ,ඒ වගේම හැම යුවතියකටම ඕනෑ වෙන්නේ ඒ කිරැළ දැරීමටයි.ඉතින් එවැනි හීනයක් මටත් තිබුණා.ඒක ඉටුවීම ගැන මට හිතා ගන්නවත් බැහැ යැයි අයිරිස් මිටෙනීරේ පැවසුවාය.

විශ්ව රූ රැජින තරගාවලියේ දෙවැනි ස්ථානය හයිටි රාජ්‍යය නියෝජනය කළ යුවතිව විසින්ද , තෙවැනි ස්ථානය කොළොම්බියා රූ රැජිනටදස හිමිවූවාය.

මෙම විශ්ව රූ රැජින  තෝරා පත්කර ගැනීමේ තරඟබිම ලස්සන් රූමත් යුවතියන් ගෙන පිරී පැවතියද ඔවුන්ගේ බුද්ධිමත්භාවය තෝරා බේරා ගනමින් එම මෙවර විශ්ව රූ රැජින තෝරා ගැණුනි. 

 


( තිළිණි ද සිල්වා )
බ්‍රිතාන්‍යෙය් පළවන මිරර් පුවත්පත ඇසුරෙනි 

 


RECOMMEND POSTS