ලෝක ප්‍රසිද්ධ වියපත් නිරූපිකාව !



විලාසිතා සඟරා පිටු තුළින් අවුරුදු 40 ඉක්මවූ මෝස්තර නිරූපිකාවක් දක්නට ලැබෙන්නේ ඉතාමත් කලාතරකිනි. වයසට යෑම ලොව ඇති ඉතාමත්ම ස්වාභාවික සිදුවීමක් වූවත් බොහෝදෙනා එහි ඇති සුන්දරත්වය නොදැකීම කනගාටුදායක කරුණක්.

61 වියැති ප්‍රංශ ජාතික Yazemeenah Rossi යනු එවැනි සුන්දරත්වය ඇති කාන්තාවකි.ඒවගේ ඇය මිත්තිණියක් බව පැවසුවහොත් පුද්මයක්.

බොහෝ දෙනා අවුරුදු 16දී නිරූපණ ශිල්පයට පාතබද්දී ඇය විලාසිතා වෘත්තීය ආරම්භ කළේ වයස 28 දීයි. නමුත් නිරූපණ ශිල්පයේදී ඇය යම් පමණකවත් සාර්ථකත්වයක් ලබන්නේ අවුරුදු 45 දීයි. දැනට 61 වැනි වියේ පසුවූවත් ඇයගේ වයස-නොපෙනෙ පෙනුම හා කැපී පෙනෙන සුදු කෙස් ඇයව විලාසිතා ලෝකය වෙත වෙනත් කවරදාටත් වඩා අවැසි වී ඇත.

උනන්දුව, උද්යෝගය ඇත්නම් වයසත් සමඟ වඩාත් ලස්සනවන්නට හැකි බවට සියලු කාන්තාවන්ට ඈ හොඳම නිදසුනක් වේ.

 

( තිළිණි ද සිල්වා )
බ්‍රිතාන්‍යෙය් පළවන ඩේලි ස්ටාර් ඇසුරෙනි

 

 


RECOMMEND POSTS