ලොව කැතම බැල්ල



මෙම වසරේ අවලස්සන ම සුනඛයාට හිමි සම්මානය ඇමෙරිකාවේ මාර්තා විසින්  දිනා ගත්තාය.

ඇය කිරුළු පැළඳියේ ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ දී වසරක් පාසා පැවැත්වෙන 'ලොව අවලස්සනම බල්ලා' (World's Ugliest Dog ) තේරීමේ තරගයේදී ය. තවත් අවලස්සන බලු සුරතලුන් 13 දෙනෙකු සමඟ කරට කර තරගයක යෙදුණු මාර්තා අවසානයේ කුසලානය සහ ඩොලර් 1500ක ප්‍රථම ත්‍යාගය දිනා ගැනීමට සමත් වුවාය.

මාර්තාගේ ස්වාමිදුව ෂර්ලි සින්ඩ්ලර් ඒ මොහොතේ සතුටින් ඉපිල ගියාය.කිරුළු පැළඳි මාර්තා අනතුරුව නිව්යෝර්ක් නුවර බලා යන්නේ මාධ්‍යවේදීන් හමුවේ පෙනී සිටීමටය.

අතහැර දමා සිටියදී රෝගාතුරව සිටි Neapolitan mastiff වර්ගයේ මෙම බැල්ල සත්ව ආරක්ෂණ සේවකයන් විසින් බේරා ගනු ලැබ ඇත. අනතුරුව ෂර්ලි සින්ඩ්ලර් ගේ රැකවරණය ලද මාර්තාට සෙනෙහසින් අඩුවක් නොවීය.

කිසිවෙකුගේ හව්හරණක් නොමැතිව රෝගාතුරව සිටි සමයේ මර්තාගේ දෙනෙත් අන්ධවීමට ආසන්නව පැවතුනි.ශල්‍යකර්ම කිහිපයකින් අනතුරුව මර්තාට යළි පෙනීම ලැබුණි

ලොව අවලස්සනම බල්ලා තේරීමේ තරගය පැවැත්වීමේ එක් අරමුණක් වන්නේ අතහැර දැමූ සුනඛයන් හදාවඩා ගැනීමට ජනතාව උනන්දු කරවීම බව තරග සංවිධායකයෝ පවසති.මෙවර එම තරගය පැවැත්වුණේ 29 වැනි වතාවට ය.

( තිළිණි ද සිල්වා )

බී.බී.සී.ඇසුරෙනි.


RECOMMEND POSTS