ලෙන් චිත්‍ර අතරේ පිටසක්වළයෝ



අල්ටායි යනු මධ්‍යම සහ නැගෙනහිර ආසියාවේ ඇති කඳු වැටියකි. රුසියාව, චීනය, මොන්ගෝලියාව කසක්ස්තානය මෙම කඳුවැටියට සම්බන්ධය. ඉර්ටිෂ් සහ ඕබ් වැනි ගංගා ආරම්භ වන්නේ මෙම කඳු වැටියෙනි. උස මීටර් 4,506 කි.

කඳු වැටියට අයත් උසින් වැඩිම කන්ද ලෙස සැලකෙන්නේ බෙල්කුකා කන්දය. රුසියාවට අයත් අල්ටායි කඳුකරය යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් ලෙස නම් කරනු ලැබ ඇත. ඇල්ටායි කඳුකරයේ හුදෙකලාව පිහිටි ගම්මානයකි. 1985 දී, මේ ගම්මානයට ගිය ගවේෂණ කණ්ඩායමක් අපූරු සොයා ගැනීමක් කළේය. ඒ, ගම්වැසියන්ගේ ඉපැරැණි කතාන්තර අනුව යමිනි.

එම සොයා ගැනීම ලෙනක තිබුණු ලෙන් චිත්‍රය. රතු, කළු සහ සුදු යන වර්ණවලින් අඳින ලද එම සිතුවම්වල මිනිස් රූප දකින්න ලැබුණි. ඒ මිනිස් රූප අතරේ තවත් රූප විය. ගවේෂණ කණ්ඩායමට එක් වුණු සාමාජිකයන්ගේ සිත් තිගැස්සීමකට ලක් කළ එම රූප ද ඒ අතරේ විය. මිනිස් රූපවපට සමාව වුවත් ඒවා අමනුෂ්‍ය රූප විය. ඒ අනුව, ඒවා පිටසක්වළින් ආ අමුත්තන්ගේ රූප විය හැකි යැයි සැක පහළ විය.

වසර 35 කට පසු, මේ ලෙන් චිත්‍ර යළිත් කාගේත් අවධානයට ලක් වී තිබේ. ඒ, රුසියන් විද්‍යාඥ කණ්ඩායමක් එම චිත්‍ර පුළුල් අන්දමින් පරීක්ෂාකළ නිසාය. මේ චිත්‍ර අඳින්න ඇත්තේ වසර 5,000 කට පෙර, මෙම ලෙන පිහිටා ඇති සර්බියාවේ වාසය කළ, නව ශිලා යුගයේ මානවයන් විසින් යැයි තහවුරු කරගනු ලැබ තිබේ.

ඔවුන්ගේ චිත්‍ර ඇඳීමේ හැකියාව පමණක් නොව, චිත්‍රවල ඇති අසාමාන්‍ය රූප ගැන විද්‍යාඳයෝ මවිතය පළ කරති. පිටසක්වළින් ආ අමුත්තන්ගේ යැයි සැක කෙරෙන මේ රූප අබිරහසකි. අං සහිත, පිහාටු සහිත රූප මේ අතරේ ඇත. චිත්‍ර ඇති මෙම ලෙන තුළ සොහොන් බිමකි. පැරැන්නන් මෙහි මිහිදන් කර ඇත.

පුරාණ මිනිසාට සහ පුරාණ සංස්කෘතීන් බිහි වීමටත් දියුණු වීමටත්, බුද්ධිමත් පිටසක්වළයන්ගේ සහාය ලැබුණු බව විශ්වාස කරන ඉතිහාසඥයන් පමණක් නොව විද්‍යාඥයෝ ද වෙති. ඔවුන් මේ බව පෙන්වා දෙන්නේ, කරුණු දෙකක් පාදක කර ගනිමිනි. පළමු වැන්න කියවා බැලිය හැකි සාක්ෂි ලොව නන්දෙසින් හමුවීමය.

පුරාණ පොත් පත්, සෙල් ලිපි ආදියේ විස්තර පරිශීලනය ඊට ඇතුළත් වෙයි. දෙවැන්න, දැකිය හැකි සාක්ෂිය. ලෙන් චිත්‍ර හා ගල් කැටයම් හා මූර්ති මීට ඇතුළත්ය.  අසාමාන්‍ය හිස් ආවරණ හා ඇඳුම්වලින් සැරසුණු මිනිස් රූ පුරාණ ලෙන් චිත්‍ර, ගල් කැටයම් හා මූර්තිවල දකින්න ලොව නන්දෙසින් ලැබේ.

ලුසිත ජයමාන්න
‘ද සන්’ ඇසුරිනි


RECOMMEND POSTS